විදුහල්පති පණිවිඩය
ඩි.ජි.බි.එම්.කේ. දසනායක
වයබ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය අධ්‍යාපන කලාපයේ බිංගිරිය අධ්‍යාපන කොට්ටාසයට අයත් ඉතාම දීප්තීමත් හා දිනෙන් දින විශිෂ්ටත්වය කරා පිය නගන පාසලක් වන කුලී/කොස්වත්ත ගාමිණී මහා විද්‍යාලය 10 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා දැනට සිසුන් 540 දෙනෙකු පමණ අධ්‍යාපනය ලබන 1c කාණ්ඩයට අයත් පාසලකි.
පාසලේ දරු දැරියන් කොට්ටාස,කලාප,පළාත් හා ජාතික මට්ටමේ තරග ජයග්‍රහණ රාශියකට උරුමකම් කියන අතර පාසලෙන් බිහිවූ කීර්තිමත් ආදී සිසුන් පිරිසක්ද අද වන විට රටේ විවිධ ක්ෂේත්‍රයන්හි ඉහල තනතුරු දරමින් රට දැය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටු කරති.
තොරතුරු තාක්ෂණ අංශයෙන් අනාගතය ජය ගැනීමට වෙර දරන විශාල සිසුන් ප්‍රමාණයක් සමගින් මෑත කාලීනව විශාල දියුණුවක් අප පාසල අත්කරගෙන ඇත. එහි නවතම අද්දැකීම ලෙස මෙම වෙබ් අඩවිය නිර්මාණය කිරීම පෙන්වාදිය හැකිය. ඒ අනුව මින් ඉදිරියට අප සමග සම්බන්ධවන බොහෝ පාර්ශව සමග අදහස් හා තොරතුරු හුවමාරුවේදී මෙම වෙබ් අඩවිය භාවිත කළ හැකිය.එමගින් එම සියලු පාර්ශවයන්ට පාසලේ උන්නතිය වෙනුවෙන් සහයෝගය දැක්වීමට ආරාධනා කරන අතර මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සදහා උර දුන් සැමට මාගේ ස්තුතිය පිරිනමන අතර කොස්වත්ත ගාමිණී විද්‍යාලය දිනෙන් දින දියුණුවට පත් වේවායි ප්‍රාර්ථනා කරමි.
ඩි.ජි.බි.එම්.කේ. දසනායක
විදුහල්පති
කුලී කොස්සත්ව ගාමිණී මහා විද්‍යාලය.





