විදුමිණි පහනින් ලොව එළි නංවා
නෙත් පියුමන් අයවා
කොස්වත්තේ ගාමිණි විදුහල් මව
ආසිරි ලැබ සැරසේ .....//
දෑ අනුරාගය දැනවූ දැහැමින්
දරු කැල මල් කැකුළු
පොබයනු මැන ඔබ පා රිවි කිරණින්
නව අරුණළු නංවා....//
වියතුන් අතරට සාහිත මිණි කැට
අභිමන් හෙළ විරුවන්
ඔබගේ කරුණා වරමින් ජනිතව
දිය සෙත සලසාවා ....//





